Gossips

උමාඔය ව්‍යාපෘතියේ වැල්ලවාය කොටසේ සේවක වර්ජනයක්

උමාඔය ව්‍යාපෘතියේ වැල්ලවාය කොටසේ ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන්, රියදුරන් සහ කම්කරුවන් අද(17) වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ තමන්ට හිමි වැටපු වැඩි කිරීම සහ නිසි වේලාවට වැටුප් ලබාදෙන ලෙස බල කරමින්.
මේ හේතුවෙන් උමාඔය ව්‍යාපෘතියේ පහළ නිම්නයේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිය ගැටලූවලට විසඳුමක් ලබාදෙනතෙක් අඛණ්ඩව මෙම වැඩවර්ජනය සිදුකරන බව වර්ජනයට එක්වූ සේවකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.