Gossips

උපාලි කන්නංගර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන මෙන්ම වාදන ශිල්පියෙකු වන උපාලි කන්නංගර අද අලූයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණා.
හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල් ගත කළ ඔහු මිය යන විට පසුවුණේ 67 වන වියේයි.
70 දශකයේදී බිහි වූ සුපර් ස්ටාර් වාදක කණ්ඩායමට ගිටාර් ශිල්පියෙකු ලෙස එක්වූ ඔහු පසුව ගායන ශිල්පියෙකු ලෙස රසිකයින් අතර, වඩා ජනප්‍රිය වුණා.
සඳ රේණු ඔබෙ නයනේ, දුම්බර මිටියාවත පැත්තේ, පාරට කිට්ටුව දෙල්ගස මුදුනේ, ගෙලේ රන් මාල දා හැඩ වී, ඉවසිල්ලක් නෑ දකින තුරා යන ගීත ජනතාව අතර වඩා ජනප්‍රිය වුණා.