Gossips

උපාධි පත්වීම් ලබා රැකියාවට නොපැමිණි අයට වැඩ වරදී

නව පත්වීම් ලැබූ උපාධිධාරින් ඉදිරි දින දෙක තුළ සේවයට වාර්තා නොකළහොත් ඔවුන්ගේ පත්වීම් අවලංගු වන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එහි අතිරේක ලේකම් අසංක දයාරත්න අප කළ විමසීමකදී කියා සිටියේ පසුගියදා රාජ්‍ය සේවයේ පත්වීම් ලැබූ උපාධිධාරින් 4100 න් දහසකට වැඩි පිරිසක් මේ වනතුරුත් රාජකාරි ස්ථාන වෙත වාර්තා කර නොමැති බවයි.
කඩිනමින් රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් පසුගියදා රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය උද්ඝෝෂණ ගණනාවක් සංවිධාන කර තිබුණා.