Gossips

උපාධියේ ප්‍රමිතිය සොයන්න කොමිසමක්

උපාධි ප්‍රදානය කරන සියලූ බලයලත් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය අධීක්ෂණය කිරීම සදහා කොමිසමක් පිහිටුවන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඊට අදාළ යෝජනාව ලබන සතියේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මහනුවර ශ්‍රී දළදා මාලිගයේ අඩුපාඩු සොයා බැලීම සදහා අද (02) සිදුකළ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා මේ බව සදහන් කළා.