Gossips

උපාධිධාරීන්ගේ විරෝධතාවලට හේතුව ජනපති කියයි

රැකියා නොමැති සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරි මාස 6 තුළ ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
මැතිවරණය හේතුවෙන් කල් දැමූ සම්මුඛ පරීක්ෂණ ඉදිරි මාස දෙක තුළදී පවත්වා උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ කටයුතු සිදුකරන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
මඩකලපුව දිස්ත්‍රික් උපාධිධාරීන්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීමට මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේදී එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළකළා.
නව අධ්‍යාපන ප්‍රතිපත්ති හා සැලසුම් තුලින් අධ්‍යාපන ක්‍රමයේ යම් යම් වෙනස්කම් කිරීම කෙරෙහි රජය අවධානය යොමුකර ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියා.
මෙරට පවතින අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩු හේතුවෙන් රටට සම්පතක් වන උපාධිධාරීන් ද විරෝධතා කිරීමට පෙළඹී ඇති බවයි මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ.
පැවති යුධමය තත්වය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල අඩාල වූ සංවර්ධන කටයුතු කාර්යක්ෂම කිරීමට විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායන් දෙකක් පිහිටුවීමට අපේක්ෂා කරන අතර ඊට සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ සහය අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කියාසිටියා.