Gossips

උපරිමාධිකරණ විනිසුරු පුරප්පාඩු පුරවන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු වී පවතින විනිශ්චයකාර ධූර පිළිබඳව අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කළ නම් 04 ක් අතරින් දෙදෙනෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වූ බවයි කතානායක කාර්යාලය සඳහන් කළේ.
මීට අමතරව අභියාචනාධිකරණයේ විනිසුරු ධූර සඳහා ජනාධිපතිවරයා නිර්දේශ කරන ලද නම් හතරෙන් එකක් සඳහාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.