Gossips

උපන්දින සාදයේදී ජීවිතයට සමුදුන් පාසල් සිසුවා (ඡායාරූප)

මිතුරෙකුගේ උපන්දින සාදයකට ගොස් දිය නාමින් සිටින අතර තුර දියේ ගිලීමෙන් පාසල් සිසුවෙකු ඊයේ (06) සවස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුලියාපිටිය, පන්නල, ඇලබඩගම ප්‍රදේශයේ පදිංචිව සිටි ශානුක ජයසිංහ නමැති 18 හැවිරිදි පාසල් සිසුවෙකු බවයි අප වාර්තාකරු පැවසුවේ.
අදාල සිසුවා පාසල් මිතුරෙකුගේ උපන්දින සාදයකට සහභාගී වීමට කුලියාපිටිය, වල්පිටගම ප්‍රදේශයේ හෝටලයකට ගොස් ඇති බව සඳහන්.
එහි නාන තටාකයේ අදාල සිසුවා තවත් සිසුන් පිරිසක් සමඟ දිය නාමින් සිට ඇති අතර පසුව එම ස්ථානයේම ඇති මඩ සහිත වැවකට මොවුන් දිය නෑමට ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
එහිදී අදාල සිසුවා වැවට වැටී මඩ අතර සිරවීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුව මිතුරන් මේ සම්බන්ධයෙන් හෝටලයේ කළමණාකාරීත්වය දැනුම්වත් කිරීමනේ අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව සිසුවාගේ සිරුර සොයා ගෙන තිබෙනවා.
මියගිය සිසුවාගේ දේහය කුලියාපිටිය මූලික රොහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදීමට නියමිතයි.

ඡායාරූප – කුලියාපිටිය, දිනේෂ් උපේන්ද්‍ර