Gossips

උපකාරක පන්තියකදී සිසුවෙකුට පහරදුන් ස්වෙච්ඡා ගුරුවරියක් අත්අඩංගුවට

පුද්ගලික උපකාරක පන්තියකදී පාසල් සිසුවියකට පහරදුන් ස්වෙච්චා ගුරුවරියක් හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 29 වනදා ඇය මෙම පහරදීම සිදුකර ඇත්තේ හලාවත – වට්ටක්කල්ලිය ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි දැරියකටයි.
එදින පුද්ගලික පන්තියකට සහභාගි වී ඇති එම දැරියට, 23 හැවිරිදි ස්වෙච්ඡා පාසල් ගුරුවරියක් පහර දී ඇති බවයි ඇයගේ පියා පොලීසියට පැමිණිලි කර ඇත්තේ.
ඒ අනුව, සිද්ධියට සම්බන්ධ ගුරුවරිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.