Gossips

උදෑසනම 05ක් රෝහල් යැවූ හසලක අනතුර

මහනුවර – මහියංගන ප්‍රධාන මාර්ගයේ හසලක ප්‍රදේශයේදී අද (20) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
හසලක සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හසලක දක්වා ධාවනය වූ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුරෙන් තුවාල ලැබූවන් හසලක සහ මහියංගනය යන රෝහල් වෙත ඇතුලත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව සඳහන්.