Gossips

උදැල්ලකින් පහර දී බිරිඳට බරපතල තුවාල සිදුකළ සැමියා

පුද්ගලයෙකු විසින් තම විවාහක බිරිඳට උදැල්ලකින් පහරදීමේ පුවතක් වැලිගම, වල්ලිවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම කාන්තාව සහ සැකකාර ස්වාමිපුරුෂයා වෙන් වෙන්ව ජීවත්ව ඇති අතර දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරනය වී ඇත්තේ.
අදාල කාන්තාව වල්ලිවල ප්‍රදේශයේ කුලී පදනම මත ලබාදී ඇති නිවසක කුලී මුදල් ලබාගැනිමට පැමිණි අවස්ථවේදීයි දෙදෙනා අතර මෙම බහින් බස්වීම සිදුව ඇත්තේ.
අනතුරුව සැකකාර සැමියා විසින් නිවස පිටුපස තිබූ උදැල්ලක් රැගෙන විත් බිරිඳට දරුණු ලෙස පහරදී ඇති බවයි හෙළිව ඇත්තේ.
පහරදීම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.