Gossips

උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේදී ජනතා පැතුම් ඉටු කිරීමට කැපවනවා – අගමැති

උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේදී ජනතා පැතුම් ඉටු කිරීමට කැපවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
නව වසර වෙනුවෙන් ආගමික වතාවත්වල නිරතවීම සඳහා නුවරඑළිය – මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
නුවරඑළිය මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයට අද දහවල් පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වල නිරතවෙමින් ආශිර්වාද
ලබාගත්තා.
එහිදී අග්‍රාමාත්‍යවරයාට සහ රටට සෙත්පතා සෙත්පිරිත් සජ්ඣාජයනයක් ද සිදුකෙරුණා.