මෙරට උද්ධමනය පසුගිය මාර්තු මාසයේදී සියයට 2.8 දක්වා පහත වැටී තිබෙනවා.
පෙබරවාරි මාසයේදී එම අගය සටහන් වූයේ සියයට 3.2ක් ලෙසයි.
මෙය 2016 වසරේ අප්‍රේල් මාසයෙන් පසු අඩුම උද්ධමනය ලෙස සැලකිය හැකි බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මාර්තු මාසයේ උද්ධමනයට ආහාර කාණ්ඩය සියයට 1.2කින් සහ ආහාර නොවන කාණ්ඩය සියයට 1.6කින් දායක වී තිබෙනවා.