Gossips

උද්ධමනය සියයට 2 යි දශම 5 යි

පසුගිය ජුනි මාසයේ මෙරට ලක්‍ෂ්‍යමය උද්ධමනය සියයට 2 යි දශම 5 ක් ලෙස සටහන් වී තිබෙනවා.
මැයි මාසයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය සටහන් වූයේ සියයට 2 යි දශම 1ක් ලෙසයි.
ජුනි මාසයේ පාරිභෝගික මිල දර්ශකය 126 යි දශම 5 ක් ලෙස සටහන් වී ඇති අතර, එය මැයි මාසයට වඩා දර්ශකාංක 2 යි දශම 2 කින් ඉහළ යාම විශේෂත්වයක්.
එළවළු ඇතුලු ආහාර, ආපනශාලා වියදම් මෙන්ම ඉන්ධන සහ බස් ගාස්තු ඉහළ යාම ජුනි මාසයේ උද්ධමනය ඉහළ යාමට හේතුවී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.