Gossips

‘‘උද්දර්පන නීතිය’’ ක්‍රියාත්මක කිරීමේ බලය ජනපති පවරා ගනී

රටවල් අතර අපරාධකරුවන් හුවමාරු කරගැනීමට අදාල උද්දර්පන නීතිය ක්‍රියාත්මක කිරිම ජනාධිපතිවරයා යටතට පවරා ගෙන තිබෙනවා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද අංක 2085/8 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්.
මෙම ගැසට් නිවේදනයට අනුව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය යටතේ තිබු උද්දර්පන නීතිය ක්‍රියාත්මක කිරිමේ බලය ජනාධිපතිවරයා අමාත්‍ය ධුරය දරන ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇති.
මුල්‍ය අපරාධ චෝදනා එල්ල විමෙන් පසු විදෙස් ගතව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සම්බන්ධයෙන් උද්දර්පන නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පසුගිය කාලසිමාවේ කතාබහට ඇති වුණා.
එහිදී අවධානය යොමු වූයේ මොවුන් උද්දර්පන නීතිය සඳහන් අපරාධකරුවන් හුවමාරු කර ගැනීමේ නීතිය යටතේ නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකිද යන්නයි.
රටවල් දෙකක් අතර උද්දර්පන නීතිය සම්බන්ධයෙන් ගිවිසුම් ගත වී ඇති අවස්ථාවකදී අපරාධයක් සම්බන්ධයෙන් එක් රටක අධිකරණයකින් වරදකරුවකු වී සිටින පුද්ගලයකු තවත් රටක සැගව සිටින අවස්ථාවකදී යලි ගෙන්වා ගැනිමේ හැකියාව පවතිනවා.
කෙසේ වෙතත් අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය යටතේ විදෙස්ගතව සිටින සැකකරුවෙකු තමන් සැගව සිටින රටේ රජයට දේශපාලන හේතුවක් නිසා තමන් අත්අඩංගුවට ගැනිමට සුදානම් වන බව සනාථ කලහොත් සැකකරු යලි භාරදිමක් සිදුවන්නේ නැහැ.