Gossips

උද්ඝෝෂණවලට හේතුව හිටපු ජනපති පහදයි

වර්තමානයේ රට තුළ ඇතිව තිබෙන උද්ඝෝෂණවලට හේතුව ඒවා පිටුපස විපක්ෂය සිටින නිසා නොව, ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ ගැටලු පිළිබද ඇහුම්කන් නොදීම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද පස්වරුවේ කතරගම කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්තානයට පැමිණ චෛත්‍යරාජායාණන්වහන්සේ වැදපුදාගෙන ආශිර්වාද ලබාගත්තා.
අනතුරුව විපක්ෂ නායකවරයා රුහුණු කතරගම මහා දේවාලයේ ආශීර්වාද ලබාගත්තා.
මේ අතර, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතීම සඳහා අදත් විවිධ පිරිස් තංගල්ල කාල්ටන් නිවස වෙත පැමිණියා.