Gossips

උදලු මිටි පහරින් අවසන් වූ දෙදරු පියාගේ ජීවිතය (ඡායාරූප)

උදලු මිටකින් පහර දී දිඹුලාගල, නවමිල්ලාන ප්‍රදේශයේදී ඊයේ (31) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
අරණගංවිල පොලිසිය පවසන්නේ 31 හැවිරිදි දෙදරු පියෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අද (01) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පැමිණි යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව සඳහන්.
පුද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති අතර ආරවුල සිදුවන අවස්ථාවේ දෙදෙනාම බීමතින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් අරණගංවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඡායාරූප – මනම්පිටිය, නිමල් ජයරත්න