Gossips

උදයංග වීරතුංග ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන ඇතැයි ඇමති රාජිත කියයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන ඇති බවට ඩුබායි රජය තහවුරු කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළා.
ඔහුව දිවයිනට ගෙන්වා ගැනීම සඳහා මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික වැඩසටහනක් ක්‍රියාත්මක බවයි අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ.