Gossips

උදයංග වීරතුංග ගැන නීතිපතිවරයා අධිකරණයට කරුණු කියයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර, ශ්‍රී ලංකාවට එවන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය එරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව නීතිපතිවරයා අද අධිකරණයට දැනුම්දුන්නා.
ඒ මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් වන නඩුව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදියි.
මෙහිදී නීතිපතිවරයා ප්‍රකාශ කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පොලීසිය උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බවයි.
එමෙන්ම මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම්කර ඇති සිංගප්පූරු ජාතිකයන් සිව්දෙනා සහ එරට සමාගම් දෙකකට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයා හමුවේ පෙනී සිටින ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
ඒ පිළිබඳ නියෝගය ලබන 6 වනදා ලබාදෙන බවයි මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ.