2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවය සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සදහා ඩුබායි බලා ගිය කණ්ඩායම පසුගිය සති අන්තයේදී දිවයිනට පැමිණ තිබෙනවා.
ඔවුන් කිසිදු තොරතුරක් නොමැතිව දිවයිනට පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ සහ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.කේ.ඩී. ප්‍රියන්ත ඇතුළු පිරිසක් පසුගිය දා ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගියා.
එමෙන්ම පසුගිය දා උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදනයක් ද නිකුත් කළා.
ඊට පෙර ජාත්‍යන්තර පොලීසිය ඒ සදහා නිකුත් කර තිබුණේ නිල් නිවේදනයක්.
ඔවුන් එලෙස උදයංග වීරතුංග සම්බන්ධයෙන් පියවර ගැනීමට කටයුතු කර ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සිදුකළ විමර්ශනයකින් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකළ නඩුවකට අදාළවයි.
