Politics Sri Lanka

උදයංග අල්ලන්න ගිය නිලධාරියෙකුට ජීවිත තර්ජන

උදයංග අල්ලන්න ගිය නිලධාරියෙකුට ජීවිත තර්ජන

ජාත්‍යන්තර පොලීසියේ නිල් වරෙන්තු ද ඇතිව උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගිය සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ එක් නිලධාරියෙකුට තර්ජනාත්මක දුරකතන ඇමතුම් රැසක් ලැබී ඇතැයි වාර්තා වේ.

සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ එක් සාමාජිකයෙකු අඩුවීම හේතුවෙන් සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු එසේ ගිය කණ්ඩායමේ කිසිවෙකුට හෝ නොදන්වා රහසේම නැවත ලංකාවට පැමිණ ඇති බවයි.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඔහුගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් කරුණු විමසා තිබූ අතර පසුව දේශපාලනික මට්ටමින් එය අවසන් කර ඇත.

අනෙක් පිරිසට කලින් මෙරටට පැමිණි විදේශ අමාත්‍යාංශයේ නිලධාරියාට තර්ජනාත්මක දුරකතන ඇමතුම් රැසක් ලැබුණු බවද දැනගන්නට තිබේ.

ඔහුගේ බිරිඳට අනතුරක් වේ යැයි යන බියෙන් අදාළ නිලධාරියා කිසිවකුටත් දැනුම් නොදී ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි තවදුරටත් වාර්තා විය.

මූලාශ්‍ර ලංකාදීප