Gossips

උතුර පළාතේ පීඩාවට පත් පාසල් දරුවන්ට සහන

උතුර පළාතේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට සහන සලසන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව අයහපත් කාලගුණයෙන් නිවාස අහිමි වූ පාසල් සිසුන් සදහා අමතර නිල ඇදුම් කට්ටලයක් සහ පාවහන් ගැනීමට වවුචර ලබාදීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
මීට අමතරව, පෙළපොත් හානියට පත්ව ඇත්නම් ඒ සදහා අලූතින් පෙළපොත් ලබාදීමට කටයුතු කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.