අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් උතුර පළාත් හිටපු මහා ඇමති සී.වී. විග්නේශ්වරන්ට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ලබන මැයි මස 23 සහ 31 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
ඒ එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන හමුවේ කැඳවූ අවස්ථාවේදියි. එහිදී විනිසුරුවරයා ප්‍රකාශ කළේ යළි පෙත්සම කැඳවන දිනයේදී එය විභාගයට ගැනීම පිළිබඳව තීරණයක් ලබාදෙන බවයි.