Gossips

උතුර පළාත් ආණ්ඩුකාරගෙන් නීතිවිරෝධී බැනර්, පෝස්ටර් ඉවත් කරන ලෙස නියෝගයක්

උතුර පළාතේ නීතිවිරෝධී ලෙස අලවා ඇති බැනර් සහ කටවුට් ඉවත් කරන ලෙස පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
නගර ආසන්නයේ ප්‍රදර්ශනය කර ඇති බැනර් සහ කටවුට් වල අනන්‍යතාවය සහ නීත්‍යානුකූලභාවය සති දෙකක් ඇතුළත ඒවා සවි කළ පුද්ගලයින් ඉදිරිපත් කළ යුතු බවයි පළාත් ආණ්ඩුකාර කාර්යාලය ප්‍රකාශ කළේ.
එලෙස අනන්‍යතාවය තහවුරු නොකෙරෙන බැනර් සහ කටවුට් ඉවත් කර ඒවා ඇලවූ පුද්ගලයින්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස උතුර පළාත් ආණ්ඩුකාරවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
පරිසර අලංකරණය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි ඔහු කියා සිටියේ.
මේ අතර, උතුර පළාතේ ඇති සියලූම පෞද්ගලික අධ්‍යාපන ආයතනවල තොරතුරු සහ ඒවා පවත්වන ස්ථානවල ඇති ඉඩම්වල අයිතීන් පිළිබඳව වාර්තාවක් ලබන මස 4 වනදාට පෙර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙස පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් උපදෙස් ලබාදී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් තොරතුරු හා ඉල්ලූම් පත්‍ර උඋඋගබචගටදඩගකන වෙබ් අඩවියෙන් සහ 021 22 31 343 යන දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැකි බවයි උතුර පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කළේ.