Gossips

උතුර – නැගෙනහිර නීත්‍යානුකූල ඉඩම් දෙසැම්බර් 31 ට පෙර නිදහස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

උතුර – නැගෙනහිර ජනතාවට නීත්‍යානුකූලව හිමි ඉඩම් දෙසැම්බර් 31 වනදාට පෙර නිදහස් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා.
උතුර සහ නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ පත්කළ ජනාධිපති කාර්ය සාධන බලකාය පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදීම සිදු කර ඇත්තේ.
විධිමත් කාලරාමුවක් සකසා අදාළ වැඩපිළිවෙල දියත් කළ යුතු බවත් එහි ප්‍රගතිය ලබන මස පැවැත්වෙන සාකච්ඡාවේදී ඉදිරිපත් කළ යුතු බවටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.