Gossips

උතුර – නැගෙනහිර තවත් ඉඩම් මුල් පදිංචිකරුවන්ට මුදාහැරේ

ආරක්ෂක හමුදා භාරයේ තිබූ නැගෙනහිර පළාතේ් තවත් ඉඩම් අක්කර 13.25 ක ප්‍රමාණයක් යළි නීත්‍යානුකූල අයිතිකරුවන්ට ලබාදීමට පියවර ගැනෙනවා.
හෙට දිනයේදී මෙම ඉඩම් ඔවුන්ට ලබාදීමට කටයුතු කරන බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
කුච්චවේලි, මුතූර්, සේරු නුවර සහ කන්තලේ ප්‍රදේශවල ආරක්ෂක හමුදා භාරයේ තිබූ ඉඩම් මෙලෙස නිදහස් කර ත්‍රිකුණාමල දිසාපතිවරයාට භාරදීමට නියමිතයි. අනතුරුව එම ඉඩම් නීත්‍යානුකූල අයිතිකරුවන් වෙත ලබාදීම සිදු කෙරෙනු ඇති.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන්නේ හමුදා භාරයේ ඇති උතුරේ ජනතාවගේ ඉඩම් නීත්‍යානුකුළ අයිතිකරුවන් වෙත මේ මස 31 වනදාට පෙර ලබාදීමට කටයුතු කරන ලෙසයි.