Gossips

උතුරේ හර්තාල් – ජන ජීවිතයත් අඩාලයි

උතුර පළාතේ මේ වනවිට ක්‍රියාත්මක හර්තාලය හේතුවෙන් ජන ජීවිතය මුළුමනින්ම පාහේ අඩාල වී තිබෙනවා.
හර්තාලය හේතුවෙන් යාපනය, වව්නියාව, කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ති්‍රක්කවල කළු කොඩි ඔසවමින් සියලූ වෙලඳසැල් වසා දමා ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.
පාසල්වලට සිසුන්ගේ පැමිණීම ද අඩු අගයක් ගෙන තිබුණා.
එමෙන්ම උතුරු පළාතේ බස් ධාවනය ද සම්පූර්ණයෙන් අඩාල වී ඇති අතර මේ නිසා රජයේ සේවකයින් ඇතුළු බොහෝ පිරිසක් අපහසුතාවයට පත් වුණා.
යුද්ධයෙන් අතුරුදන්වු පුද්ගලයින්ගේ දෙමාපියන් සහ ඥාතීන් පිරිසක් වව්නියාව, කිලිනොච්චි, මුලතිව් දිස්ති්‍රක්කවල ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වසර 02ක් ගතවුවද මේවනවිටත් පිලිගත හැකි විසදුමක් ලබා දී නොමැති වීම හේතුවෙන් මෙම හර්තාලය ක්‍රියාත්මකයි.
මේ අතර ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය අදින් ආරම්භ වනවා.
ඒ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේගේ ප්‍රධානත්වයෙන්.
ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී මෙම සැසිවාරය මාර්තු මසප 22 වන දා දක්වා පැවැත්වෙනවා.
මෙම සැසියේදී 2015 වසරේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලය සම්මත කර ගත් යෝජනාවේ ප්‍රගතිය පිළිබඳව සැකසූ වාර්තාව සභාගත කරනු ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මෙම වාර්තාවේ අන්තර්ගතයි.