උතුර පළාත පුරා ක්‍රියාත්මක කර තිබූ හර්තාලය අවසන් වීමත් සමඟ අද පෙරවරුවේ සිට එහි ජන ජීවිතය යථා තත්ත්වයට පත්වී තිබෙනවා.
හිරු වාර්තාකරුවන් කියා සිටියේ මේ වන විට වෙළදසැල් හා පාසල් විවෘත කර ප්‍රවාහන සේවා ද සාමාන්‍ය පරිදි සිදුවන බවයි.
අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පවතින ගැටළු විසදීමට වසර 02ක් ගතවුවත් මේවනවිටත් පිලිගත හැකි විසදුමක් නොලැබුණු බව පවසමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් සිදුකරන සත්‍යග්‍රහයට සමගාමීව ඊයේ මෙම හර්තාලය ක්‍රියාත්මක වුණා.