Gossips

උතුරේ සිදුවූ රිය අනතුරු දෙකකින් අයෙක් මරුට – සිව්දෙනෙකුට තුවාල (ඡායාරූප)

කිලි‍නොච්චිය – පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගයේ කිලිනොච්චිය, මුරුසමොටෙයි ප්‍රදේශයේදී ඊයේ (04) සවස සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පරන්තන් සිට පුදුකුඩිඉරිප්පු දක්වා ධාවනය වු යතුරුපැදියක් සහ විශ්වමඩු ප්‍රදේශයේ සිට පරන්තන් දක්වා ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි කිලි‍නොච්චිය පොලිසිය පවසන්නේ.
අනතුරින් තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසූවේ.
මේ අතර යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේ ඊයේ (04) පෙරවරුවේ සිදුවු තවත් රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
වෑන් රථයක් අත් ට්‍රැක්ටරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
අනතුරින් මියගොස් ඇත්තේ අත් ට්‍රැක්ටරයේ ගමන්ගත් 55 හැවිරිදි පුද්ගලයෙක්.

ඡායාරූප – වවුනියාව – මාධව කුලසූරිය