උතුර පළාත තුළ සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඒ ඊයේ කිලිනොච්චිය – ඉරණමඩු ප්‍රදේශයේ පැවති ගම්පෙරළිය වැඩසටහනේ තවත් අදියරකට එක්වෙමින්.
අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ යුද්ධයෙන් පසුපසට ගිය උතුර පළාතේ සංවර්ධන කටයුතු සිදුකර ජනතාවගේ අතට මුදල් පත් කිරීමේ ක්‍රමවේදයක් සකසන බවයි.
