උතුර පළාත් සභාවේ ප්‍රවාහන හා ධීවර අමාත්‍ය ධුරයේ කටයුතු කළ බී.ඩෙනීෂ්වරන් එම තනතුරෙන් ඉවත් කරමින් පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් නිකුත් කළ නියෝගය අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ, ඊට අදාළව හිටපු ඇමති බී.ඩෙනීෂ්වරන් විසින් ගොනුකළ පෙත්සම කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක්ද සිල්වා යන අභියාචනාධිකරණ විනිසුරුවන් ඉදිරියේ සලකා බැලීමෙන් අනතුරුවයි.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඩෙනීෂ්වරන් මන්ත්‍රීවරයා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරමින් මෙම නියෝගය ප්‍රධාන අමාත්‍යවරයා නිකුත් කළ අතර, පෙත්සම් විභාගය අවසන් වනතුරු අදාළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මකයි