Gossips

උතුරේ මහඇමති ඉල්ලා අස්විය යුතුයි – පළාත් විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව පළාත් විපක්ෂ නායක එස්. තවරාසා පවසනවා.
ඊයේ (29) යාපනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.
උතුර පළාත් සභාවේ ප්‍රවාහන හා ධීවර අමාත්‍ය ධුරයේ කටයුතු කළ බී.ඩෙනීෂ්වරන් එම තනතුරෙන් ඉවත් කරමින් පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් නිකුත් කළ නියෝගය අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ, ඊට අදාළව හිටපු ඇමති බී.ඩෙනීෂ්වරන් විසින් ගොනුකළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඩෙනීෂ්වරන් මන්ත්‍රීවරයා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරමින් මෙම නියෝගය ප්‍රධාන අමාත්‍යවරයා නිකුත් කළ අතර, පෙත්සම් විභාගය අවසන් වනතුරු අදාළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මකයි.
මේ අතර, මහනුවර පැවති සම්මන්ත්‍රණයකදී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් කියා සිටියේ උතුරේ මහඇමතිවරයා ලෙස සී.වී. විග්නේෂ්වරන් පත් කිරීම, අසාර්ථක අත්හදා බැලීමක් බවයි.