Gossips

උතුරේ පාසල් සඳුදා වැසේ

ජාතික යොවුන් තෛපොංගල් සැමරුම් උත්සවය මේ මස 18 සහ 19 වන දා ත්‍රිකුණාමලය – තඹලගමුවේදී පැවැත්වෙනවා.
ජාතික තරුණ සේවා සභාව සදහන් කළේ තඹලගමුව – කෝනනායගර් කෝවිලේ සහ ආදිකෝනේෂ්වරන් විද්‍යාලයේදී මෙම සැමරුම් උත්සවය පැවැත්වෙන බවයි.
සිංහල, දෙමළ, මුස්ලිම් සංස්කෘතියට අනුව සකස් කළ කැවිළි වර්ග රැගෙන තරුණ, තරුණියන් දහසකට වැඩි පිරිසක් මෙම සැමරුම් උත්සවයට සහභාගි වන බවයි ජාතික තරුණ සේවා සභාව වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, ලබන අඟහරුවාදාට යෙදෙන තෛපොංගල් දිනය නිමිත්තෙන් සඳුදා දිනයේදී සියලුම උතුරේ පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව උතුර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළා.