Gossips

උතුරේ පානීය ජල ගැටළුව විසඳීමට ඉරානයේ සහය

උතුර පළාතේ පානීය ජල ගැටළුව විසඳීමේ ව්‍යාපෘතියකට සහය පළ කිරීමට ඉරාන රජය එකඟතාව පළ කර තිබෙනවා.
ඒ, ඉරානයේ ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් සෙයිරි අමිරානි සහ උතුර පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් අතර ඊයේ පැවති සාකච්ඡාවකදියි.
කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේදි මෙම සාකච්ඡාව සිදුවූ බව උතුර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළා.
මධ්‍යම පළාතේ සිට උතුර පළාත වෙත භූගත නළ මාර්ග ඔස්සේ පානීය ජලය රැගෙන යාමේ ව්‍යාපෘතියක් සැළසුම් කර ඇති බවත්, ඒ සඳහා ඉරානයේ සහය අවශ්‍ය බවත් ආණ්ඩුකාරවරයා පෙන්වාදී තිබෙනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉරාන බලධාරීන් සමඟ මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර එම කටයුතු සඳහා විශේෂඥ දැනුමක් සහිත ඉරාන සමාගම් තුනක විශේෂ නියෝජිත කණ්ඩායමක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බවයි.
මේ අතර උතුර පළාත් ආණ්ඩුකාරවරයා ඊයේ ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩිවොයිඩ් මැකිනොන්ද මුණගැසී තිබෙනවා.