Gossips

උතුරේ තවමත් හර්තාල්

යාපනය – වව්නියාව ඇතුළු උතුර පළාතේ අද උදෑසන ආරම්භ කළ හර්තාල් ව්‍යාපාරය තවමත් ක්‍රියාත්මකයි.
අප වාර්තාකරු සඳහන් කළේ කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම ආදී දිස්ත්‍රික්කවල ද කළු කොඩි ඔසවමින් සියළු වෙළදසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වන බවයි.
යුද්ධයෙන් අතුරුදන් වූ පුද්ගලයින්ගේ දෙමව්පියන් සහ ඥාතීන් පිරිසක් උතුරේ දිස්ත්‍රික්ක කිහිපයක ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වසර දෙකක් ගත වුවද පිළිගත හැකි විසදුමක් ලබානොදීම හේතුවෙනුයි මෙම හර්තාල් ව්‍යාපාරය දියත් කර ඇත්තේ.
එමෙන්ම ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය ජිනිවාහිදී අද ආරම්භ වූ අතර, ඊට සමගාමීව තම ගැටළු පිළිබදව අවධානය යොමු කරලීම ද මෙම හර්තාල් ව්‍යාපාරයේ අරමුණක් බව සඳහන්.
මේ අතර, හර්තාල් ව්‍යාපාරයේ නිරත වූ පිරිසක් විරෝධතාවයේ නිරත වෙමින් කිලිනොච්චියේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සංදේශයක් ද භාර දුන්නා.