Gossips

උතුරේ ජල ගැටළුවට කඩිනම් විසඳුම් අවශ්‍යයි – ජනපති

උතුරේ ජලගැටලුවට කඩිනම් විසදුම් ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලයේ අද පැවති උතුර පලාත් සභාවේ යෝජිත ජල ව්‍යාපෘති ආශ්‍රීත ප්‍රගති සමාලෝචන රැස්විමට එක්වෙමින්.
ප්‍රදේශයේ ජනතාවට කෘෂීකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලපහසුකම් නිසිලෙස සම්පාදනය කළහොත්, උතුරේ සංවර්ධන ගැටලූද ඒ සමගම විසදෙනු ඇති බව ජනාධීපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
එමෙන්ම රත්නපුර, කෑගල්ල, සහ කළුතර දිස්ත්‍රික්ක හරහා මුහුදට ගලා බසින ජලය උතුරට ගෙන යාමට ඉදිරිපත් කල යෝජනාවද කඩිනමින් ඉදිරිපත් කළයුතු බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී යෝජනා කර ඇත්තේ.