Gossips

උතුරේ ගොවි ගැටලු විසඳීමට දිස්ත්‍රික් 5ම කමිටු පිහිටුවීමට තීරණයක්

ඉරණමඩු ජලාශයෙන් ලැබෙන ජලය උපයෝගී කර ගනිමින් ජීවනෝපායන් සිදු කරන ගොවීන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනා.
ගොවීන්ගේ ගැටළු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ලක්වි තිබෙනවා.
වාරිමාර්ග ඊංජිනේරුවරුන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව උතුරු පළාතේ දිස්ත්‍රික් 5ම නියෝජනය වන පරිදි අනු කමිටු සහ ප්‍රධාන කමිටුවක් පිහිටුවීමට කටයුතු කරන බව ආණ්ඩුකාරවරයා මෙහිදී ප්‍රකාශ කළා.
පසුගිය වසර 50 ක පමණ කාලයක් පුරා ඉරණමඩු ජලාශයට සහ කිලිනොච්චි ප්‍රදේශයට වර්ෂාපතනය ලැබීම පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබාගෙන එය පදනම් කර ගනිමින් ඉදිරියේදී ගොවීන්ට කෘෂිකාර්මික කටයුතු සාර්ථකව කර ගැනීමට ඇතිවිය හැකි බාධාවන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවී තිබෙනවා.
පසුගිය කාලයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ඉරණමඩු ජලාශයේ ජල මට්ටම ඉතා ඉහළ ගිය අතර එම ජලය නිසියාකාරව කළමණාකරණය කිරීමට තමන්ට අවශ්‍ය දැනුම ලබාදෙන ලෙසටයි මෙහිදී ගොවීන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා ඇත්තේ.
ඒ අනුව එම දැනුම සහ අවශ්‍ය පුහුණුව හැකි ඉක්මනින් ලබාදෙන බවයි සුරේන් රාඝවන් මහතා කියාසිටියේ.