කුඩා කල්ලි ක්‍රියාත්මක වීම හේතුවෙන් උතුරේ මේ වනවිට පවතින්නේ නීතිය හා සාමය සම්බන්ධ ගැටළුවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ පැවති දේශනයකින් අනතුරුව සිසුන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින්.
බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම විශ්වවිද්‍යාලයේ නිරීක්ෂන චාරිකාවකින් අනතුරුව එහි විශේෂ දේශනයකට එක්වුණා.
