උතුරේ කුඹුරු අක්කර 103,000ක් දැඩි නියඟයෙන් විනාශයි
දැඩි නියගය හේතුවෙන් උතුරු ප්රදේශයේ කුඹුරු අක්කර 103,000ක් පමණ විනාශ වී ගොස් ඇති නිසා එම ප්රදේශවල ගොවීන්ට නියං සහනාධාර නිකුත් කරන මෙන් උතුරේ ප්රාදේශීය ලේකම්වරු රජයෙන් ඉල්ලීමක් කොට තිබේ.
පසුගිය සතියේදී ප්රාදේශීය ලේකම්වරුන් ගණන් බලා ඇති අන්දමට නියඟය නිසා වැඩිම කුඹුරු හානියක් සිදුව ඇත්තේ මන්නාරම දිස්ත්රික්කයටය. එම පළාතේ කුඹුරු අක්කර 32,000ක් පමණ නියඟයට හසු වී විනාශ වී ගොස් තිබේ.
යාපනයේ කුඹුරු අක්කර 18,000ක් පමණ ද, වවුනියාවේ 14,000ක් පමණද, මුලතිව් දිස්ත්රික්කයේ 28,000ක් පමණ ද, කිළිනොච්චිය දිස්ත්රික්කයේ අක්කර 11,000ක් පමණ ද නියඟය නිසා විනාශයට පත්ව ඇති බව හෙළි වී තිබේ.
නියඟයෙන් විනාශ වී ගිය කුඹුරුවලින් විශාල ප්රමාණයකින් එකම වී ඇටයක්වත් ලබා ගැනීමට නොහැකි වූ බව ගොවි සංවිධාන නියෝජිතයන් විසින් පෙන්වා දී ඇති අතර මන්නාරම දිස්ත්රික්කයේ කුඹුරු අක්කර 12,000ක් පමණ ගවයන්ට කෑම සඳහා ගොවීන් විසින් නිදහස් කරන ලද්දේ ගොවීන්ට එම කුඹුරු බේරා ගැනීමට නොහැකි වූ නිසා බවද කියා සිටිති.
උතුරු පළාතේ මේ කන්නයේදී වගා කරන ලද කුඹුරු විශාල ප්රමාණයකට රජයෙන් පොහොර ද ලැබී නොමැත.