උතුරු නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ භාරයේ පැවැති ඉඩම් දෙසැම්බර් 31 වැනිදාට පෙර නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, ජනාධිපති කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකදි.
උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සදහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකාය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි රැස් වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් ද එක්ව සිටියා.
එහිදී ඉකුත් මාස දෙක තුළ උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කෙරුණු සංවර්ධන වැඩපිළිවෙළ ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය සතුට පළ කර තිබෙනවා.
මෙම වැඩපිළිවෙළ ඉතා ශක්තිමත්ව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව පැවසූ ජනාධිපතිවරයා ඒ සදහා එක්වන්නැයි සියලු පාර්ශ්වයන්ට ආරාධනා කළා.
