Gossips

උතුරේ ඉඩම් ඉල්ලා මුලතිව් හි විරෝධතා පා ගමනක් (ඡායාරූප)

උතුරු නැගෙනහිර විශාල ඉඩම් ප්‍රමාණයක් මුල් අයිතිකරුවන් වෙත නොලැබීම හේතුවෙන් එම ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා මුලතිව් හි විරෝධතා පා ගමනක් ඊයේ (26) සංවිධානය කර තිබුණා.
ජාතික ධීවර සහයෝගිතා පදනම මගින් සංවිධානය කර තිබූ මේ විරෝධතා පා ගමනට උතුරු නැගෙනහිර ඉඩම් අහිමි වූ ජනාතව විශාල පිරිසක්
එක්වී සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.
විරෝධතාවයට ස්විස්ටර්ලන්තයේ මහජන සංවිධානයක සාමාජිකයින් පිරිසක්ද එක්වී සිටි බවයි වාර්තාවන්නේ.
විරෝධතාකරුවන් මුලතිව් නගරයේ සිට විරෝධතා පා ගමනින් පැමිණ මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය අසලදී උද්ඝෝෂණයක නිරතවී තිබෙනවා.
එහිදී විරෝධතාකරුවන් පැවසුවේ "යුද්ධය නිමා වී වසර 9 ක් හත් වී තිබුනත් රජය ඉඩම් නොමැති ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීම දිනෙන් දින කල් අරින් බවටත්, යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර ඉඩම් අහිමි වූ සාමාන්‍ය ජනතාවට අද වන විට උන් හිටි තැන අහිමි වී ඇතිබවයි.
මේ ඉඩම් ගැටලුවට බලධාරීන් මැදිහත් වී කඩිනමින් විසදා දෙන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.


(ඡායාරූප – රොමේෂ් මදුශංක )