Gossips

උතුරේ රාජ්‍ය ආයතනවල රියදුරන්ට පුහුණු වැඩමුලුවක් (ඡායාරූප)

යාපනය ප්‍රදේශයේ රිය අනතුරු අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල රියදුරන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පසුගියදා පැවැත්වුනා.
ඒ පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදීයි.
මෙහිදී අනාවරණ වී ඇත්තේ 2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී යාපනය ප්‍රදේශයේ රිය අනතුරු ඉහළගොස් ඇති බවයි.
යුද්ධය හේතුවෙන් විශාල ජීවිත හානියක් සිදුවු අතර යුද්ධය අවසන් වීමෙන් පසුව ජීවිත හානි සිදුවන්නේ රිය අනතුරු හේතුවෙන් බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී පෙන්වා දුන්නා.