Gossips

උතුරු සහ මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශවල දැඩි සුළං

උතුරු සහ මන්නාරම් බොක්ක ආශ්‍රිත මුහුුදු ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පුත්තලම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟේ වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බැවින් පුත්තලම සිට මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළෙඟේ වේගයද ඉහළ යා හැකියි.
මේ හේතුවෙන් ඒ පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාව ගෙන් ඉල්ලා සිටිනවා.
මෙම තත්ත්වය හෙට උදෑසන 6 වන තෙක් බලපැවැත්විය හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.