Gossips

උතුරු මුහුදේ කැස්බෑවන් ඇල්ලූ තුන්දෙනෙකු නාවික හමුදා භාරයට

යාපනය – පලෙයිතිව් දුපතට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී කැස්බෑවන් අල්ලමින් සිටි තුන්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
උතුර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සිදුකළ මුර සංචාරයකදී සැකකටයුතු ධීවර යාත්‍රාවක් නිරික්ෂණය කර ඇති අතර, එය පරීක්ෂාවට ලක් කිරීමේදී සැකකරුවන් විසින් ඇල්ලූ කැස්බෑවන් දෙදෙනෙකු හමුවී ඇති බව සඳහන්.
නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවන්.
කැස්බෑවන් ඇල්ලීම සඳහා භාවිත කළ ඩිංගි යාත්‍රාවක් ඇතුලු උපකරණ කිහිපයක්ද මෙහිදි නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඒවා සහ සැකකරුවන් යාපනය සහකාර ධීවර අධ්‍යක්‍ෂවරයාට භාරදීමට නියමිතයි.