උතුරු පළාතේ ස්ථාන කිහිපයකදී ඊයේ (05) කළු කොටි දින සැමරුම් පැවති අතර අප වාර්තාකරුවන් පැවසුවේ යාපනය විශ්වවිද්‍යාලයේදී ද කළු කොටි සැමරුමක් පැවැත්වුණු බවයි.
එල්.ටී.ටි.ඊ. සංවිධානයේ පළමු මරාගෙන මැරෙන කොටි සාමාජිකයා වන මිලර් නැමැත්තා 1987 වසරේදී මියයෑම සිහිපත් කරමින් සෑම වසරකම ජූලි මස 05 වනදා කළු කොටි දිනය ලෙස නම්කර එල්.ටී.ටි.ඊ. සංවිධානය විසින් එම දිනය සමරනු ලැබූවා.
එමෙන්ම යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේද පුනරුත්ථාපනය වූ දෙමළ විමුක්ති කොටි පක්ෂය නමින් සංවිධානය වූ පිරිසක්ද කළු කොටි දිනය මෙලෙස සමරා තිබුණා.
මේ අතර කළු කොටි දිනය සැමරීම පිළිබදව දේශපාලනඥයින් අද (06) ස්ථාන කිහිපයකදී අදහස් පලකළා.