Gossips

උතුරු පළාතේ අධ්‍යාපන ගැටලු ගැන ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

උතුරු පළාතේ නිධන්ගත අධ්‍යාපන ගැටලු නිරීක්ෂණයට නැවුම් ප්‍රවේශයක් ගත යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසනවා.
කිලිනොච්චිය සහ තුනුක්කායි කලාප තුල ඇති පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ අංශ භාර ගුරුවරුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවකට එක්වෙමිනුයි ආණ්ඩුකාරවරයා මේ බව කියාසිටියේ.
අධ්‍යාපන ගැටලු නිරීක්ෂණය කිරීමට නැවුම් ප්‍රවේශයක් ගත යුතු අතර නිවැරදි ගුරු කුලයක් ඇති කළ යුතු බව ද රෙජිනෝල්ඩ් කුරේ සඳහන් කලා.
ගුරුවරුන්ගේ කාලසටහන් විදුහල්පතිවරුන් විසින් පරීක්ෂා කළ යුතු අතර පහසුකම් සපිරි පාසල් මගින් අඩු පහසුකම් සහිත අවට පාසල්වල ළමුන්ටත් සේවය ලබාදෙන ලෙසට ද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියාසිටියා.
එමෙන්ම ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම්වලදී අනුප්‍රාප්තිකයෙකු රහිතව ස්ථාන මාරුවීම් නොකළ යුතු අතර අනුප්‍රාප්තිකයෙකු පැමිණෙන තෙක් එම ගුරුවරයා විදුහලෙන් නිදහස් නොකළ යුතු බව ද අවධාරණය කළා.