උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් ඇතුළු 07 දෙනෙකුට ඔක්තෝම්බර් 30 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා.
ඒ මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ දේපළවලට අලාභහානි සිදුකිරීමේ නඩුවට අදාලවයි.
පසුගිය 02 වැනිදා මුලතිව් ධීවර සංගම් පැවැත්වු විරෝධතාවයකදී රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ දේපළ වෙත හානි පමුණවා තිබීම සම්බන්ධයෙන් වන නඩු විභාගය ඊයේ (21) කැදවු අවස්ථාවේදී මුලතිව් මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කර තිබෙනවා.
සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කරනු ලැබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
