Gossips

උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් රෝහල් ගත කෙරේ

උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් හෘදයාබාදයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ හදිසියේ රෝගී වූ මන්ත්‍රීවරයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන් සහ පවුලේ ඥාතීන් එක්ව ඔහු රෝහල් ගතකර ඇති අතර මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇත්තේ සිවාජිලිංගම් මන්ත්‍රීවරයාගේ තත්වය සුව අතට පත්වෙමින් ඇති බවයි.