Gossips

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, සබරගමුවේත් වැඩ බලයි

සබරගමුව පළාත් වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පත් කර තිබෙනවා.
සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය වන නිලූකා ඒකනායක රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සදහා ඉතාලිය බලා පිටත් වීම නිසා මෙලෙස එම ධුරයේ වැඩබලන බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය අංශය සදහන් කළේ.
ඒ අනුව, ලබන 20 වනදා සිට 28 වනදා දක්වා සබරගමුව පළාත් වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ කටයුතු කරනු ඇති.