Gossips

උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

උතුරු දුම්රිය මාර්ගයේ තඹුත්තේගම සහ සෙනරත්ගම අතර දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
අද දහවල් මෙලෙස පීලි පැනීමට ලක්වූයේ යාපනය සිට මාතර දක්වා ගමන් කරමින් තිබූ දුම්රියයි.
මේ හේතුවෙන් සෙනරත්ගම සහ යාපනය අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවයි වාර්තා වන්නේ.