උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ දෙරට අතර සහයෝගීතාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැත්වීමට නියමිත සමුළුව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවනු ඇති බවයි.
අදාළ සමුළුව මේ මස අගදී උතුරු කොරියාවේ පියොංයැං අගනුවර පැවැත්වීමට මේ වනවිට සැළසුම් කර තිබෙනවා.
උතුරු සහ දකුණු කොරියා නායකයන් අතර මේ සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා පසුගිය අප්‍රේල් මාසයේදී පැවැත්වුණා.
